BREAKING NEWS
Search

අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ නිසල සිරුරක් හමුවෙයි..

42
එය තවත් අබිරහසක් එක්කළ මරණයක්.. මේ කතාව ඇසෙන්නේ මඩකලපුව, කාතතාන්කුඩි ප්‍රදේශයෙන්..
මඩකලපුව, කාතතාන්කුඩි පොලිස් වසමට අයත් කල්ලඩි, කලෙයිමගල් පාරේ අගුලු දමා තිබූ නිවසකින් නරක් වූ පිරිමි මළ සිරුරක් සොයාගෙන ඇති බව කාත්තාන්කුඩි පොලිසිය පවසනවා..

පොලිසිය පැවසුවේ සොයාගත් මළ සිරුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ බවට හඳුනාගෙන ඇති බවයි..

එරාවුර්, මිච්නගර් හි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස මෙම පුද්ගලයා සේවය කළ අයෙක් බවයි වාර්තා වෙන්නේ..

අගුලු දමා තිබූ නිවසේ මළ සිරුරක් තිබී ඇති බව අසල්වැසියන් දැනගත් පසු, ඔවුන් පොලිසියට මේ පිළිබඳව දැනුම් දී තිබෙනවා..

පොලිසිය වහා එම ස්ථානයට ගොස් මළ සිරුර ගොඩගෙන මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට යවන ලද අතර කාත්තාන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *