BREAKING NEWS
Search

ගහපු මත්පැන් බද්දට අනුව අරක්කු, බියර්,විස්කි ඇතුළුව බෝතලයක මිල වෙනස් වූ විදිහ මෙන්න

57

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අද (11) දින සිට ක්‍රියාත්මක වන පරිදී මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් මධ්‍යසාර සහ දුම්වැටි මත සුරාබදු ඉහළ නැංවීය.

ඒ එතුමාට ලැබී ඇති බලතල ප්‍රාකාරව ය.

 

එම අනුව, මධ්‍යසාර කාණ්ඩ 9ක් සඳහා අය කෙරෙන බදු අද සිට සංශෝධනය වේ.

ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදිත විශේෂ අරක්කු සඳහා යොදාගන්නා මධ්‍යසාර ලීටරයක් මත පැනවෙන බද්ද රුපියල් 7,244ක් වේ.

එමෙන්ම, ලංකාව තුළ නිෂ්පාදිත මොලෑෂස්, තල්, පොල් සහ පදම් කළ අරක්කු සඳහා යොදා ගැනෙන මධ්‍යසාර ලීටරයක් සදහා රුපියල් 7,752ක් බද්දක් පැන වේ.

තවද, මෙරට නිෂ්පාදිත විදෙස් මත්පැන් සඳහා යොදා ගන්නා මධ්‍යසාර ලීටරයක් සඳහා යොදා ගන්නා බදු මුදල රුපියල් 7,969ක් වේ.

මෙම නව බදු සංශෝධනත් සමග රුපියල් 3,580ක් වූ ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 102කින් වැඩි වේ.

ඒ අනුව එහි නව මිල රු. 3,682ක් වේ.

රුපියල් 3,850ක් වූ පොල් අරක්කු බෝතලයක මිල රුපියල් 109කින් ඉහළ යයි.

ඒ අනුව එහි නව මිල රු. 3,959ක් වේ.

තවද, රුපියල් 4,000ක්ව පැවති පරණ අරක්කු බෝතලයක මිල රුපියල් 109කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 4,109ක් වේ.

එමෙන්ම, සැර අඩු බියර් බෝතලයක් රුපියල් 30කින් වැඩිවන අතර, සැර වැඩි බියර් බෝතලයක් රුපියල් 40කින් වැඩි වේ.

තවද, දේශීයව නිපදවන විදේශීය විස්කි බෝතලයක මිල ද රුපියල් 100කින් ඉහළ යනු ඇත.

කෙසේ වෙතත්, විදේශීය මත්පැන් වර්ග ඒවායේ සැර ප්‍රමාණය අනුව මිල ඉහළ යයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *