අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ලබාදෙන ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධ වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.
2002 අංක 24 දරන සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අංක 2415/66 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නිවේදනයක් ද මෙහිදී සලකා බැලීම සිදුකර තිබෙනවා.
ඒ අනුව, මෙම වසර අවසන්වනතෙක් අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබාදීමට නියමිත ප්‍රතිලාභ සඳහායි කාරක සභාවේ අනුමතිය හිමිව ඇත්තේ.
එහිදී අන්ත දිළිඳු පවුල් සඳහා ලබාදෙන රුපියල් 15,000 දීමනාව රුපියල් 17,500 දක්වාත්, රුපියල් 8,500 ලබාදෙන පවුල් සඳහා රුපියල් 10,000ක් ලබා දීමටත්, රුපියල් 2,500ක් ලබාදෙන පවුල් සඳහා රුපියල් 5,000ක් ද රුපියල් 5,000ක් ලබාදෙන පවුල් සඳහා එම දීමනාව නොවෙනස්ව ලබාදීමටත් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.


















