හිටපු ප්‍රබල ජනපතිවරයෙකුට අත්වුණු ඉරණම මෙන්න..

35
මේ කියන්න යන්නේ ඔහුට අත්වුණු ඒ අවාසනාවන්ත ඉරණම ගැන කතාවක්..
යුද නීතිය ප්‍රකාශ කිරීමෙන් පසු දෝෂාභියෝගයට ලක්වූ ජනාධිපති යූන් සුක් යෙයොල් ඔහුගේ නිවසේ පැය හයක් පුරා ඇති වූ උණුසුම් තත්ත්වයකින් පසු දකුණු කොරියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහුව අත්අඩංගුවට ගැනීමට එරට දූෂණ විමර්ශන කාර්යාලයේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඒකාබද්ධ කණ්ඩායමක් ඔහුගේ නිවසට ගොස් ඇති බවයි.

දකුණු කොරියානු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය මාසයේ ජනධිපතිවරයා විසින් හමුදා නීතිය පැනවීමේ උත්සාහයෙන් පසු, ඔහුගේ ජනාධිපති ධූරය අත්හිටවනු ලැබුවේ ඔහුගේම පක්ෂයේ සාමාජිකයන් ඉදිරිපත් කළ දෝෂාභියෝගයක් විපක්ෂයේ සමඟ එක්ව ජය ගැනීමෙන් අනතුරුවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *