BREAKING NEWS
Search

තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථාව

41

ජපානයේ රැකියා සඳහා පුහුණු රියදුරන් 5000ක් මේ වන විට ඉල්ලා ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නලින් හේවගේ පවසනවා.

ගාල්ල හිරිඹුර හෙද විදුහලේ පැවතී උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ සදහන් කාලා…

”මේ ළගදී මට ජපන් කණ්ඩායමක් හමුවුණා. ඔවුන් ලංකාවෙන් රියදුරන් 5000ක් ඉල්ලනවා. පන් දහසකට රියදුරු පුහුණුවක් දෙන්න අක්කර දහයක ඉඩමක් ඉල්ලනවා. අපි සූදානම් ඉඩම ලබා දෙන්න .ලෝකයේ අපිට විශාල ලෙස රැකියා සඳහා අවස්ථාව තියෙනවා. යුරෝපයේ ගත්තොත් එහි ජන ගහනය දැන් වැඩිවෙමින් යන්නේ.

විශේෂයෙන් හෙද සේවයේ ක්ෂේත්‍රවල දැඩි රැකියා ඉල්ලුමක් තියෙනවා.මේ ක්ෂේත්‍රයේ දැවැන්ත වැඩ කොටසක් කරන්න ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනයට පුළුවන්.මේ ආයතනයේ දැනට දෙනු ලබන්නේ NVQ4 පමණයි. එය හය දක්වා වැඩි කරන ලෙස ඉල්ලීමක් කළා. එම ඉල්ලීම පිළිබදව ඉතාම කෙටි කාලයක් තුළ සළකා බලන්නම්.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *