ඉතින් මෙවර පැවැත්වෙන U-19 World Cup එකට කණ්ඩායම ලංකාවෙන් නික්ම යද්දී දිල්ෂාන් වසර ගණනක් අතීතයට ගිහිල්ලා..
“කාලය කොච්චර ඉක්මනින් ගත වෙනව ද?
එදා මම 2009 T20 World එකට පිටත් වෙලා යද්දී airport එකේ අන්තිම මොහොත වෙනකං මම වඩාගෙන හිටපු මගේ ලොකු දුව Limansa අද U-19 World Cup එකට Malaysia fly කරද්දී මම Airport එකට ඇවිත් බලාගෙන ඉන්නවා. එයා මොන තරම් උස් මහත් උනත් එදා වඩාගෙන හිටපු ලොක්කිම තමයි මට අදටත්.
ඉතිං කාලය සිමීතයි. අපි හැමෝම අපේ ඉලක්කයන් ජයගන්න මහන්සි වෙමු. ඒ වෙනුවෙන් උපරිමයෙන් කැපවෙමු.
U-19 World Cup එකට යන Manudi දුව ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්.!!”

























