රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි දියණිය පැහැර ගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තා.
උසස් පෙළ පෞද්ගලික පංතියකට සහභාගි වීම සඳහා යෙහෙළියක සමඟ දවුලගල නගරයට යමින් සිටිය දී කළු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් පසුගිය 11 වැනිදා පෙරවරුවේ පෙරවරු 7.15ට පමණ මෙම පැහැර ගැනීම සිදුකර තිබුණා.
කෙසේ වෙතත් මෙම පැහැර ගැනීම සිදු වූ අවස්ථාවේදී ඇයව පෙම්වතා විසින් පැහැරගත් බවට තොරතුරු වාර්තා වූ නමුත් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය විවාහා කර ගැනීමේ අපේක්ෂාවෙන් කලක පටන් පසු වූ මස්සිනා විසින් මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවයි.
සිසුවිය පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින තරුණයා මුලින් රුපියල් ලක්ෂ 50ක කප්පම් මුදලක් ඉල්ලා තිබෙන අතර පසුව ඔහු එය ලක්ෂ 30 දක්වා අඩුකර ඇති බව සඳහන්.
පැහැර ගැනීම සිදු කළ පුද්ගලයා සිසුවියගේ මස්සිනා බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් එම තරුණියගේ පියා මෙසේ සඳහන් කළා,
”මගේ දුවව උන් රූම් එකට දාලා වහලා තියෙනවා. අපි මේක දවස් පහක් ප්ලෑන් කරපු එකක් කියලා උන් කියනවා දුවට ඇහිල තියෙනවා. මගේ දුව දවුලගල බෝඩ් වෙලා 2025 ඒ ලෙවල් කරන්න ඉගෙන ගන්නවා. එයාව පැහැරගෙන ගිහිල්ලා කප්පම් ලෙස ලක්ෂ 50ක් ඉල්ලුවා. පැහැරගත්ත එක්කෙනෙක් මගේ අක්කගෙ පුතා, අනිත් දෙන්නා කවුද කියලා දන්නේ නෑ.
මේ අය ලක්ෂ 50ක් ඉල්ලුවා. මම කිව්වා පොඩ්ඩක් ඉවසන්න කොහොම හරි සල්ලි රෙඩි කරන්නම් කියලා. දුවටත් තර්ජනය කරලා කියලා තිබුණා කියන විදියට හිටියේ නැති වුණොත් මරනවා කියලා. අපි පොලිසියට ගිහින් කිව්වා අපෙන් සල්ලි ඉල්ලුවා ඒක ලියා ගන්න හැබැයි අපි 50,000ක්වත් ගිහින් දාන්නම් නැත්නම් දුවට මොනා හරි කරයි කියලා. අඩුමගානේ ලක්ෂ 30ක් හරි දාන්න කියලා උන් කිව්වා. ඊට පස්සේ අපි ඔන්ලයින් 50,000ක් යැව්වා. එක එක ඒවා කිය කිය අපි කල් ගත්තා. මේ දෙන්නා අතර ආදර සම්බන්ධතාවයක් නෑ. සල්ලි නිසා මේ තුන්දෙනාගේ ප්ලෑන් එකක්.”

















