වසර 05ක් පුරා අත්හිටුවා තිබූ වාහන ආනයනය නැවත ආරම්භ කිරීමට අවස්ථාව දෙමින්, පෙබරවාරි මාසයේ සිට ආනයනය කෙරෙන සියලු වාහන සඳහා වන බදු ප්‍රතිශත රජය විශේෂ ගැසට් නිවේදනයක් මගින් පසුගියදා ප්‍රකාශයට පත්කළා…
මේ අතර, මෙරට බැංකු ණය සඳහා පොළී අනුපාතිකය පහළ අගයක පවතින මොහොතක නියාමනයක් නොමැතිව වාහන ආනයනය කළහොත් යළි විදේශ විනිමය අර්බුදයක් ඇති විය හැකි බව, ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවනවා…
ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට භාණ්ඩ ගිනුමේ ශේෂය ධන අගයක පවත්වා ගැනීමට රජය කටයුතු කළ යුතු බවයි…



















