ජංගම දුරකතන සේවා සපයන සමාගම් දුරකතන පැකේජයන්වල මිල ඉහළ දමා ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවධාරණය කළා.
එම කොමිසමේ තරගකාරීත්ව අංශයේ අධ්‍යක්ෂක ඉන්ද්‍රජිත් හදපාන්ගොඩ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
ඔහු සඳහන් කළේ, එවැනි මිල ඉහළ දැමීමක් සිදුකර නොමැති බවට සියලු දුරකතන සේවා සපයන සමාගම් ලිඛිතව දැනුම් දී ඇති බවයි.
වෙනත් පුවත්
දිස්ත්‍රික්ක 05කට තවදුරටත් නායයෑමේ අවදානමක්
වර්ෂාවත් සමග දිස්ත්‍රීක්ක 05 කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇගවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියා සිටියේ බදුල්ල, නුවරඑළිය, කුරුණෑගල, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට අදියර 01 යටතේ නායයෑමේ අවධානමක් පනවා ඇති බවයි.
මේ අතර, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලට මෙන්ම, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට හෙට දිනයේ මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.




















