BREAKING NEWS
Search

සිසුවියව පැහැරගත් මස්සිනා පොලිසිය හමුවේ පැවසු පුදුම හිතෙන කතාව

60

පාසල් සිසුවියක්ව පැහැරගෙන ගොස් සිටියදී පොලිස් භාරයට ගත් තරුණයා සිසුවියව පැහැරගත් හේතුව හෙළිකර තිබේ.

අදාළ සැකකරු ඔහුගේ මාමාගේ දියණියව මෙලෙස පැහැරගෙන ගොස් ඇත.

වසර දෙකකට වැඩි කාලයක් තමන් ජපානයේ රැකියාව කළ බවත් එහිදී උපයාගත් මුදල් සිය මාමාට ලබාදුන් බවත් පොලීස් භාරයේ සිටින සැකකරු පවසා තිබේ.

එම මුදල් නැවත ඔහුට ලබානොදීම හේතුවෙන් මෙවැනි ක්‍රියාවක් සිදුකිරීමට පෙළඹුන බව ද සැකකරු පවසා ඇත.

දවුලගල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුගේ 18 හැවිරිදි දියණියක් මෙලෙස පැහැරගැනීමට ලක් ව තිබු අතර පැහැරගැනීමට ලක්වු සිසුවිය සහ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 05ක් යොදා විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව පැහැරගැනීම සිදුකළ සැකකරුගේ ජංගම දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේ දී එම සැකකරු අම්පාර පොලිස් වසමේ සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ සම්බන්ධයෙන් අම්පාර පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් අනතුරුව අද (13) උදෑසන සැකකරුව හා දැරියව පොලිස් භාරයට ගෙන ඇත්තේ, අම්පාර බස් නැවතුමේ සිට මහනුවර බලා පිටත්ව යාමේ අරමුණින් වායුසමීකරණය කරන ලද බස් රථයක් තුළ රැඳී සිටියදී ය.

සැකකරු පොලිස් භාරයේ සිටින අතර මේ වනවිට දැරියව වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට කටයුතු සිදුකරමින් සිටින බව ද පොලීසිය පවසයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *