BREAKING NEWS
Search

දකුණම ගිනියම් කරමින් ව්‍යාපාරිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් -සිසිටිවී දර්ශන මෙන්න

35

දෙවිනුවර, තල්පාවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඉලක්ක කරගනිමින් ඊයේ (12) පස්වරුවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

එම ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට දී මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, ඉන් කිසිවෙකුටත් ජීවිත හානි හෝ තුවාල සිදුව ඇත්තේ නැහැ.

මෙම ව්‍යාපාරිකයා කරවල වෙළඳාමේ නිරතවන අයෙකු බවත්, ඊයේ පස්වරුවේ කරවල මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින්
මොහු ඉලක්ක කර වෙඩි තබා පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, එම වෙඩිපහර නිවසේ තාප්පයට වැදී ඇති බවත්, වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සීසීටීවී දර්ශන ඔස්සේ හඳුනාගෙන ඇති බවත් පොලිසිය පැවසුවා.

මෙලෙස වෙඩි තැබූ වෙඩික්කරුවන් කවුරුන්ද යන්න සහ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි ගන්දර පොලිසිය සඳහන් කලේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *