සහල් මිල පිළිබඳව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ. බී. ගුණරත්න මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ වර්තමානයේ පවතින මිල තත්ත්වය යටතේ වී කිලෝ එකක් නිෂ්පාදනය සදහා රු.114ක මුදලක් වැයවෙන බවයි.
වත්මන් රජය පවසන ආකාරයට වී මිලට තුනෙන් එකක් එකතු කළ විට සහතික වී මිල රු.152ක් වෙන බව ඒ මහතා පැවසීය.
එමෙන්ම, වී සඳහා රුපියල් 150ක සහතික මිලක් නියම කළහොත් එයින් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත්වන බව ඔහු කියා සිටියේ ය.
ඒ මහතා පෙන්වා දෙන්නේ එසේ වුවහොත් නාඩු සහල් කිලෝවක් රුපියල් 330ක් දක්වා වැඩි වෙන බවත් එසේ පාලන මිලට ගැනීමට නොහැකි වුවහොත් නාඩු කිලෝවක් 350ක් වෙන බවයි.
ඒ අනුව, කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 420ත් 450ක් දක්වාත් මිල ඉහළ යා හැකි ය.
එමෙන්ම, මේ සදහා කළ යුතු වන්නේ පොහොර,පලීභෝධනාශක නොමිලේ හෝ සහනදායි මිලකට ලබා දීම බව ඒ මහතා පෙන්වා දුන්නේ ය.
තවද, නිෂ්පාදන වියදම අඩුකර වී කිලෝවක් රු.100ත් 105ක අතරත් පැවතියහොත් සහල් රු.220ට ලබාදිය හැකි බව ඒ මහතා සදහන් කළේ ය.


















