BREAKING NEWS
Search

දුම්රිය මහා අනතුරක් අනූ නවයෙන් බේරෙයි

37

උඩරට දුම්රිය මාර්ගයේ පැරකුම්පුර අබේවෙල දුම්රිය ස්ථාන අතර  යකඩ පීල්ලක් දෙකට කැඩී යාමෙන් එම අවස්ථාවේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1001 දුන්හිඳ ඔඩිසි දුම්රිය නවතා ගනිමින් සිදු වීමට ගිය විශාල දුම්රිය අනතුරක් රාජකාරියේ නිරතව සිටි දුම්රිය සංචාරක මුරකරුවකු  වහා ක්‍රියාත්මක වී වළකා ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

වැලිමඩ දිවිතොටවල ප්‍රදේශයේ පදිංචි දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග අංශයේ දුම්රිය සංචාරක මුරකරුවකු ලෙස සේවය කරන දිනේෂ් කුමාර (30) නැමති තරුණ දුම්රිය සේවකයා මෙම ආදර්ශවත්  ක්‍රියාව සිදු කර ඇත.

මොහු පැරකුම්පුර සිට අබේවෙල දක්වා සංචාරක මුරකරුවකු ලෙස දුම්රිය මාර්ග රාජකාරියේ නිරතව සිටියදී දුම්රිය මාර්ගයේ අංක 33/40 ආසන්නයේදී බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1006 පොඩිමැනිකේ දුම්රිය පසුකර ගොස් ඇති අතර , මොහු ඉදිරියට පා ගමනින් ගමන් කරමින් සිටියදී ඒ අසල දුම්රිය මාර්ගයේ දුම්රිය යකඩ පීල්ලක් දෙකඩ වී තිබෙන අයුරු දැක.අදාළ දුම්රිය බලධාරීන් ට වහා දැනුම් දී තිබේ .

මේවනවිටත් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1001 දුන්හිඳ ඔඩිසි දුම්රිය පැරකුම්පුර දුම්රිය ස්ථානය පසුකර බදුල්ල බලා ගමන් කරමින් තිබූ අතර වහා රතු කොඩීයක් අතට ගත් දුම්රිය සංචාරක මුරකරු දිනේෂ් කුමාර දුම්රිය පැමිණෙන දෙසට ඉදිරියට ගොස් රතු කොඩිය වනා ධාවනය වෙමින් තිබූ දුන්හිඳ ඔඩිසි දුම්රිය නවතා ගනු ලැබූහ .මේවනවිටත් එම දුම්රියේ මැදිරි දෙස් විදෙස් සංචාරකයන්ගේ න් පිරීගොස් තිබින.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *