තවමත් ප්‍රශ්නාර්ථයක් වුණු ඒ කතාව ගැනයි මේ කියන්නට යන්නේ..
බලහත්කාරයෙන් තරුණියක් පැහැරගෙන වෑන් රථයකට නංවාගෙන යන බව දැක්වෙන C.C.T.V දර්ශන පෙළක් හිරු නිවුස් වෙත ලැබී තිබෙනවා..
මුස්ලිම් ජාතික තරුණියන් දෙදෙනෙක් මාර්ගයේ ඇවිදගෙන එන අතරතුර කලු පැහැති කුඩා වෑන් රථයක් පැමිණෙන බවත් එහි පසු අසුනේ දොර විවෘත කරන තරුණයෙක් මෙම තරුණිය බලෙන් ඔසවා වෑන් රථයට දමාගෙන යන අයුරු එහි දකින්නට ලැබෙනවා..
එසැණින් බියට පත්වන අනෙක් තරුණිය දිව යන අතරතුර පාරේ ගමන් ගත් තරුණයෙක් ඇය මුදා ගැනීමට ඉදිරිපත් වන අයුරු පෙනෙන්නට තිබෙනවා..
ඔහු තරුණියා බේරා ගනීමට මහත් පරිශ්‍රමයක් දරන බව දකින්නට ඇති අතර එම තරුණයා වෑන් රථයේ එල්ලී සෑහෙන දුරක් යන බවද එම දර්ශනවල දකින්නට ලැබෙනවා..
සිදුවීම දවුලගල, හපුගහයටතැන්න ප්‍රදේශයේදී සිදුව ඇති අතර, මෙම පැහැරගැනීම ඊයේ (11) පෙරවරු 07.45ට පමණ සිදුව තිබෙන බවයි දවුලගල පොලිසිය හිරු නිවුස් වෙත පැවසුවේ..
පැහැරගැනීමට සම්බන්ධ වෑන් රථය පොලොන්නරුව නගරයේ ඇතහැර දමා තිබියදී පොලිසිය සොයාගෙන තිබෙන අතර එය කුලී පදනම මත ලබාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ…
පැහැර ගැනීමට ලක්වූ තරුණිය හෝ පැහැරගැනීම සිදුකළ තැනැත්තා ගැන තොරතුරක් නැති අතර එම තරුණිය ගම්පොල,මරියවත්ත පදිංචිකාරියක් බවයි පොලිසිය පවසන්නේ..
ඇය දවුලගල, හපුගහයටතැන්න ප්‍රදේශයේ සිට ඉගෙනුම් කටයුත්තක නිරතව සිට තිබෙන බව පැවසෙනවා..
පැහැරගැනීම සිදුකර ඇත්තේ තාරුණියගේ ඥාති සහෝදරයෙක් බවත් තරුණිය සැකකරුගේ මාමාගේ දියණිය බවයි පැවසෙන්නේ..
දියණිය තරුණයාට විවාහ කර දීමට එම නිවැසියන් කැමැත්තෙන් පසුවී ඇතත් එම අදහස පසුව වෙනස් වී තිබෙන බවයි වාර්තා වන්නේ..
මේ හේතුවට උරණ වූ තරුණයා විසින් තරුණිය පැහැරගෙන තිබෙන බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ..
පැහැර ගැනීමට ලක්ව ඇත්තේ වයස අවුරුදු 18ක තරුණියක් වන ඇතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි..



















