BREAKING NEWS
Search

හමුදා නිලධාරීන් තිදෙනකු රෝහලට යැවූ රිය අනතුර

38

කොළඹ වරාය නගරයේ ගුවන් පාලම ආසන්නයේදී යුද හමුදාපති ආරක්ෂක අංශයට අයත් ඩිෆෙන්ඩර් රථයක් මර්ගයේ මැද සවිකර තිබූ විදුලි පහන් කණුවක ගැටී රියැදුරු ඇතුළු හමුදා නිලධාරීන් තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වරාය පොලිසිය පවසයි.

එම ඩිෆෙන්ඩර් රථය කාර්මික දෝෂයක් හේතුවෙන් අලුත්වැඩියා කිරීමෙන් පසු ධාවන පරීක්ෂණයක් සදහා ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

කොළඹ වරයා නගරයේ බීච් ප්ලාසා දෙසට මෙම ඩිෆෙන්ඩර් රථය ගමන් කරමින් තිබූ අතර ගුවන් පාලම පසුකර මීටර් 75 ක් පමණ දුරින් මර්ගයේ මැද දූපතේ සවිකර තිබූ විදුලි පහන් කණුවක ගැටී ඇති බව පොලිසිය පවසයි.

ඩිෆෙන්ඩර් රථයේ ඉදිරිපස හානි සිදුව තිබූ අතර සෙබළුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලිසිය පැවැසීය. කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සමරපාල මහතාගේ උපදෙස් පරිදි කොළඹ වරාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයරත්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති




Leave a Reply

Your email address will not be published. Required fields are marked *