BREAKING NEWS
Search

තරු පේන්නම ඉහල ගිය බියර් මිල

47

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මත්පැන් සඳහා සුරාබදු ඉහළ දැමීමෙන් පසු බියර් මිල ද රුපියල් 20ත් 40ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි අලෙවිකරුවන් සඳහන් කරනවා.

මේ අතර, සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඊයේ (10) ඉහළ නැංවීමට කටයුතු කළා.

ඒ අනුව, සුරා බදු 6%කිනුයි මෙලෙස ඉහළ නංවා ඇත්තේ.

එම බදු ඉහළ නැංවීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.

වෙනත් පුවත්

ගුරු විද්‍යාල අවසාන විභාගය මැයි මාසයේ

ගුරු විද්‍යාල අවසාන විභාගය මෙම වසරේ මැයි මාසයේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ

ඒ අනුව උපාධිධාරී නොවන පුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨ මාලා විභාගය මැයි මාසයේදී පැවැත්වේ.

එම විභාගය සඳහා අයදුම්පත් කැඳවීම දැනට ආරම්භ වී ඇති අතර එය මේ මස 24 දක්වා මාර්ගගත ක්‍රමයට සිදු කෙරේ.

මේ සඳහා ශ්‍රී ලංකාවේ විභාග දෙපාර්තුමේන්තුවේ  නිල වෙබ් අඩවිය වන www.donets.lk හෝ www.onlineexams.gov.lk/etc ඒ සඳහා ලබා දී ඇති පරිශීලක නාම හා මුරපද භාවිතා කර මාර්ග ගත ක්‍රමයට පමණක් අයදුම්පත් යොමු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක මෙම කරුණු සඳහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *