BREAKING NEWS
Search

පැන්නාද ? වැටුනාද ? – බොරැල්ල කලබමින් මහල් නිවාස සංකීර්ණයක 12 වෙනි මහලින් වැටී දැරියක් මරුට

40

බොරැල්ලේ පිහිටි මහල් 24කින් යුත් මහල් නිවාස සංකීර්ණයක 12වන මහලෙන් වැටී 16 හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ.

ඇය බොරැල්ල – සර්පන්ටයින් පාර, ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මියගිය දැරිය කලක සිට මානසික ආතතියෙන් පෙලීම හේතුවෙන් වෛද්‍ය ප්‍රථිකාර ලබා ගනිමින් සිටි බවට ඇගේ මව විසින් පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.

කෙසේ වෙතත් මෙම දැරිය එම මහල් නිවාස සංකීර්ණයෙන් බිමට පැන ඇත්ද, නැතහොත් වැටී ඇත්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *