Search

ළමුන් 13ක් රෝහලේ

39

ආහාර විස විමක් හේතුවෙන් දික්ඔය මුලික රෝහල වෙත පාසල් ළමුන් 13 දෙනෙකු අද (10) දින පස්වරුවේ ඇතුලත් කර ඇති බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන දික්ඔය ශ්‍රිවානි දමිල මහා විද්‍යාලයේ 4 සහ 5 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන අවු 9-10 වයස් කාණ්ඩවල පසුවන ළමුන් 13 දෙනෙකු මෙසේ ඇතුලත් කර ඇති බවත්, ඉන් ළමුන් 070 දෙනෙකු පිරිමි ළමුන් වන අතර ඉතිරි සියල්ල ගැහැණු ළමුන් බවයි වෛද්‍යවරයා කියා සිටියේ.

ක්ලාන්තය, වමනය යන රෝග ලක්ෂණ හේතුවෙන් එම ළමුන් රෝහල වෙත ඇතුලත් කල බවත්, එම ළමුන් පාසලෙන් දිවා ආහාරය ලබාගෙන පාසල් නිම වි නිවාස කරා ගිය පසු මෙම රෝග ලක්ෂණ මතු වි ඇති බවයි එම වෛද්‍යවරයා කියා සිටියේ.

රෝහල්ගත කල ළමුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද එම වෛද්‍යවරයා පැවසිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *