මැදවච්චිය පොලිස් වසමේ කටුවෙල සුසාන භූමිය අසල බොරළු වළක් තුළින් ඊයේ (09) සවස් කාලයේදී කාන්තා මළ සිරුරක් හමු වූ බව මැදවච්චිය පොලිසිය සඳහන් කරනවා.
මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 30ත් 40ත් අතර පසුවන කාන්තාවක්.
කෙසේ නමුත්, ඇයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
ඇය ගවුමක් සහ ලෙගින් වර්ගයේ කලිසමක් හැඳ සිටි බවයි පොලිසිය සඳහන් කරන්නේ.
තවද, මෘත ශරීරයේ තුවාල නිරීක්ෂණය වන අතර, මෙය මනුෂ්‍ය ඝාතනයක් බවටයි පොලිසිය සැක කරනු ලබන්නේ.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි




















