Search

අනියම් සම්බන්ධතාවයක් නිසා යුවලක් බලෙන් රැගෙන ගොස් මවුලවිවරයකු දුන් අමුතු දඩුවම

44

වාලච්චේන ප්‍රදේශයේ කාන්තාවක සහ පුද්ගලයකු අතර අනියම් සම්බන්ධතාවයක් පවතින බව පවසමින් ඔටමාවඩි ප්‍රදේශයේ පල්ලියකට බලෙන් රැගෙන ගොස් කාන්තාවට 50 වතාවක් සහ පුරුෂයාට 100 වතාවක් කෝටුවකින් පහර දුන් බව කියන මවුලවිවරයකු ඇතුළු 7 දෙනකු අත්අඩංගුවට ගත් බව වාලචේන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාලච්චේන, බිරන්දරන සහ ඔටමාවඩි යන ප්‍රවේශවල පදිංචි අවුරුදු 19 – 39 ත් අතර පසුවන මවුලවිවරයකු ඇතුළු පුද්ගලයන් 7 දෙනෙකි.

පැමිණිලිකාරිය විවාහයෙන් වෙන්වී තම දරුවා සමග ඔටමාවඩි ප්‍රදේශයේ පදිංචිව සිටින 28 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය අවශ්‍යතාවක් සඳහා එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සමග ඔහුගේ වෑන් රථයෙන් ඉකුත් දෙසැම්බර් 31 වැනිදා කුලී ගමනක් ගොස් ඒ සඳහා රුපියල් 5000 මුදලක් කාන්තාව විසින් හිඟ මුදල් ලෙස එම පුද්ගලයාට ලබාදීමට තිබූ බව පොලිසිය කියයි.

පසු දින කාන්තාව විසින් වෑන් රථයේ රියදුරුට දුරකථනයෙන් අමතා හිඟ මුදල් රැගෙන යන දන්වා ඇති අතර ඔහු කුලී ගමනක් ගොස් සිටි බැවින් එම මුදල් ලබා ගැනීම සඳහා එදින රාත්‍රී 11.00 ට පමණ එම කාන්තාවගේ නිවසට පැමිණ ඇති බව පොලිසිය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *