එලෙස වැටුප් වැඩි කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගැටළුවක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
ඔහු එම බව පවසා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අද (09) පාර්ලිමේන්තුවේ දී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසුවා,
”රුපියල් 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු. කලබල වෙන්න එපා. මොකද ලිහලා බලන්න තියෙන මල්ල ඔබල බලන්න හදන්න එපා. ඔබතුමාගේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැප්තැම්බර් 4 තැපැල් ඡන්දෙට පෙර දවසේ කැබිනට් එකේ තීරණයක් ගත්තා රාජ්‍ය සේවකයින්ගේ ඡන්දය ඉලක්ක කරගෙන. හැබැයි තැපැල් ඡන්දයේදී රාජ්‍ය සේවකයෝ හොඳ උත්තරයක් දුන්නා. ඒ කියන්නේ රාජ්‍ය සේවකයන් මුලා කරන්න ඉදිරිපත් කරපු එකක් මිසක් ඇත්ත උවමනාවෙන් ඉදිරිපත් කළ දෙයක් නෙමෙයි.”



















