මාස 9 ක බිළිදියට දිවි අහිමි කල රිය අනතුර

143

පොළොන්නරුව – සෝමාවතිය මාර්ගයේදී ත්‍රී රෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණ කැබ් රථයක ගැටී සිදු වූ අනතුරකින් එකම පවුලේ මාස 9 ක් වයසැති බිළිදෙකු මියගොස් තවත් ළමයින් 3 දෙනෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ත්‍රි රෝද රථයේ රියදුරු තුවාල තැබුවා.

ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් මිය ගිය සහ තුවාල ලැබූවන් පොළොන්නරුව – කළහගල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

තුවාල ලැබූ දරුවන් අවුරුදු 3 හමාර, 5 සහ 17 යන වයස්වල පසුවන අතර කාන්තාවන් දෙදෙනා අවුරුදු 26 සහ 47 යන වයස්වල පසුවනවා.

ත්‍රිරෝද රථ රියදුරු 56 හැවිරිදි වියේ පසුවන අතර මොවුන් ප්‍රතිකාර ලබන්නේ පොළොන්නරුව මහරෝහලේයි.

මේ අතර, පොල්ගස්ඔවිට – මත්තේගොඩ මාර්ගයේ, සියඔලාගොඩ ප්‍රදේශයේදී ඊයේ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී යාමෙන් අවුරුදු 18 ක් වයසැති තරුණයෙකු මිය ගියා.

සිද්ධියෙන් තුවාල ලැබූ පසු පැදිකරු වෑතර රෝහලට යොමු කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම, පූගොඩ, චුන්නාකම් සහ මැදවච්චිය යන ප්‍රදේශවලින් ද ඊයේ රිය අනතුරු වාර්තා වී ඇති අතර එහිදී ද තුන්දෙනෙකු මිය ගියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *