හැටන් සිට ධාවනය වූ එම බස් රථය පසුපස ත්‍රීරෝද රථ දෙකකින් සහ යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් ත්‍රිරෝද රථය සහ යතුරුපැදි බස් රථය ඉස්සරකර හරස් කර ඇති බව සඳහන්.
ඉන් අනතුරුව ඔවුන් බස් රථය නතර කර බස් රථයේ රියැදුරු ඉන් ඉවතට ගෙන රියැදුරුට පහර දුන් බවයි බස් රථයේ කොන්දොස්තරවරයා පවසා සිටියේ.
පහර දුන් පිරිස ඉකුත් (06) දින අධික ලෙස බීමත්ව එම මාර්ගයේ ත්‍රිරෝද රථයක් ධාවනය කළ අවස්ථාවේ ත්‍රීරෝද රථය එම පෞද්ගලික බස් රථයේ ගැටීමට ගිය අවස්ථාවේ බස් රථයේ රියැදුරු විසින් ත්‍රිරෝද රථයේ රියැදුරුට බැන වැදිමට උරණ වූ එම පිරිස පසුදින බස් රථය පිටුපස හඹාගොස් රියදුරු ඉවතට ගෙන මෙම පහරදිම සිදු කර ඇති බවයි නොර්වුඩ් පොලිසිය පවසා සිටියේ.
පහරදීමට සම්බන්ධ සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථයක් සහ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, තවත් සැකකරුවන් පිරිසක් පලාගොස් ඇති බවත්, එම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක් දියත් කර ඇති බවත් ස්ථානාධිපතිවරයා පවසා සිටියා.
පහරකෑමට ලක් වූ රියැදුරු දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20-25 වයස් කාණ්ඩයේ පසුවන හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වෙන්නේ.
සැකකරුවන් රියදුරුට පහරදෙන අයුරු බස් රථයේ ගමන් ගත් මගියෙකු ජංගම දුරකථනයෙන් විඩියෝගත කර ඇති අතර, සැකකරුවන් එම පිරිසට විඩියෝගත නොකරන ලෙසට තර්ජනය කර තිබෙනවා.


















