මාතලේ පල්ලේපොළ නාරංගමුව මඩවල උල්පත ප්‍රදේශයේ දී අද (08) අලුයම ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී එහි ගමන් ගත් අඹුසැමි යුවලක් මරණයට පත්ව, තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මහවෙල පොලිසිය පවසනවා.
එම අනතුරින් මරණයට පත්ව ඇත්තේ, මාතලේ උකුවෙල මාබේරිය ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි මොහොමඩ් ඊබ්‍රහීම් රිෂාඩ් සහ ඔහුගේ බිරිඳ වන 65 හැවිරිදි අබ්දුල් අයනුල් රාසම්මායි.
එමෙන්ම මියගිය අයගේ ලේලිය, ඇයගේ තුන් හැවිරිදි දියණිය සහ ත්‍රීරෝද රථ රියදුරු තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පවසන්නේ.
මෙම පිරිස මිල්ලවාන ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී අඩි විස්සක පමණ ප්‍රපාතයකට පෙරළී එම ත්‍රීරෝද රථය මතට ගලක් පෙරලීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු මහවෙල පොලිසිය සිදු කරයි.

















