BREAKING NEWS
Search

ශිෂ්‍යත්ව විභාගය ගැන සතුටු හිතෙන පුවතක්…

39

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ශිෂ්‍යත්ව විභාගය ගැන පසුගිය කාලය පුරාම පුවත් වාර්තා වුණා… මේ කියන්න හදන්නේ ඒ ගැන සතුටු හිතෙන පුවතක් ගැනයි….
2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද (08) සිට ආරම්භ කෙරෙනවා.

ඒ අනුව, ඇගයීම් කටයුතු නිමකර දින 40ක් ඇතුළත ප්‍රතිඵල නිකුත් කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ.

මේ අතර, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කළින් පිටවූ ප්‍රශ්න තුන සම්බන්ධයෙන් දිගින් දිගටම පැවැති නඩු කටයුතුවලින් අනතුරුව ඒ සඳහා නිදහස් ලකුණු ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව පසුගියදා කටයුතු කළා.

පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් සිසුන් 244,092ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 79,787ක් ලෙස සිසුන් 323,879 දෙනෙකු ලියාපදිංචි වූවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *