යම් නීති මාලාවකට යටත්ව ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් බස් රථ සහ ත්‍රිරෝද රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.
බස් රථ හා ත්‍රිරෝද රථ අලංකරණය කිරීම වෙනම කර්මාන්තයක් මෙන්ම කලාවක් බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා ජනතාවට හානි නොවනවා නම් බස්රථ හා ත්‍රිරෝද රථ අලංකරණය කිරීමෙහි කිසිදු ගැටළුවක් නොමැති බව කීය.
මාර්ග නීති කඩ කිරීමට මෙන්ම ජනතාවට අපහසුතාවක් ගෙන දෙන ක්‍රියා සඳහා ඇති නීති එලෙසම ක්‍රියාත්මක කළ යුතු බව නාමල් රාජපක්ෂ පැවසීය.
වෙනත් පුවත්
කොකේන් සමඟ විදෙස් ජාතිකයා ගුවන් තොටේදී මාට්ටු
රුපියල් නව කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ පිට වී යාමට තැත් කළ විදේශිකයෙකු , ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(08) අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 66 හැවිරිදි බොස්නියානු ජාතිකයෙකි .
ඔහු සිය ගමන් මල්ලේ , පාද පිරිසිදු කිරීමට යොදා ගන්නා , බ්‍රස් 114 ක් තුළ , කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 759 ක් , සූක්ෂම ලෙස සගවා ගෙන පැමිණ තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් මෙම බොස්නියා ජාතිකයා සමග ඔහු විසින් රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

















