ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 11 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.
ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව පොලිස්පතිවරයා විසින් මෙම ස්ථාන මාරු සිදුකිරීමට නියෝග කර ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
ඒ අනුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්.වී. ගිනිගේ අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට සහාය දීමේ හා ආරක්ෂාව සැපයීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට මාතර කොට්ඨාස භාර නිලධාරී ලෙසත්,
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඩී.ජී.එල්.ඒ. ධර්මසේන තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට මීගමුව කොට්ඨාස භාර නිලධාරී ලෙසත්,
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී.ඩී.ටී. පී. ඒ. වීරසිංහ මාතර කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්,
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්.ජී.ඒ.බී. ගුණතිලක ගම්පොළ කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට කැළණිය කොට්ඨාස භාර නිලධාරී ලෙසත්,
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.ආර්. ගමගේ මාතලේ කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට සහාය දීමේ හා ආරක්ෂාව සැපයීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්,
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී. එස්. අයි. ඒ. අමරසිංහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ සිට පාර්ලිමේන්තු කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්,
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම් එස්.කේ. වික්‍රමනායක කැළණිය කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට මාතලේ කොට්ඨාස භාර නිලධාරී ලෙසත්,
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. එම්. ඊ. පෙරේරා වව්නියාව කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්,
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.ජී.ඩී.එස්. අමරසිංහ පාර්ලිමේන්තු කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට අම්පාර කොට්ඨාස භාර නිලධාරී ලෙසත්,
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්.ඒ. සෝමරත්න පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට වව්නියාව කොට්ඨාස භාර නිලධාරී ලෙසත්,
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.එච්.ඊ.එල්. පෙරේරා මීගමුව කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට ගම්පොල කොට්ඨාස භාර නිලධාරී ලෙසත් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු සිදුකර තිබෙනවා.



















