BREAKING NEWS
Search

ක්ලීන් ශ්‍රී ලංකා පරීක්ෂාවට එරෙහිව බස් සංගම් හෙට විරෝධයේ

37

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක “CLEAN SRI LANKA” වැඩසටහන අද (07) හත්වැනි දිනටත් ක්‍රියාත්මකයි.

මීට සමගාමීව දිවයිනේ ප්‍රදේශ කිහිපයකම දැනුවත් කිරීම් සහ පිරිසිදු කිරීම් සිදුවුණා.

මේ අතර, මෙම වැඩසටහනට සමගාමීව සිදු කරන බස් රථ පරීක්ෂාවට විරෝධය පළ කරමින් හෙට පස්වරුවේ වර්ජනයක නිරත වීමට බලාපොරොත්තු වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති හා එක්වෙමින් සඳහන් කළා.

කෙසේ වෙතත්, CLEAN SRI LANKA වැඩසටහන යටතේ රථවාහනවල සවි කර ඇති විවිධ උපාංග ඉවත් කිරීමට සිදුවීම හේතුවෙන් තමන් අසීරුතාවට පත්ව ඇති බව ත්‍රිරෝද රථවල නවීකරණ කටයුතු සිදුකරන පිරිස පෙන්වා දෙනවා.

ඔවුන් සඳහන් කරන්නේ ඒ හේතුවෙන් තම බැංකු ණය සහ වෙනත් මූල්‍ය අවශ්‍යතා සඳහා වන මුදල් සොයා ගැනීමටද අපොහොසත් වී ඇති බවයි.

මෙවැනි පසුබිමක පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ මෙම බස් රථ පරික්ෂාවට එරෙහිව හෙට පස්වරුවේ වර්ජනයක නිරත වීමට බලාපොරොත්තු වන බවයි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෙට දිනයේ පවත්වන බවත් ඔහු සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ද ප්‍රකාශ කළේ පෞද්ගලික බස්රථ හිමියන් හෙට සිට වර්ජනයක නිරත වන බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *