BREAKING NEWS
Search

ලෝකයම කළඹමින් පුවත් පැතිර යන අලුත්ම වෛරසය ගැන සෞඛ්‍ය අංශවලින් අනාවරණයක්

46
චීනයේ සීඝ්‍රයෙන් ව්‍යාප්තව වන එච්.එම්.පී.වී වෛරසය නිසා හැමෝම බියට පත්වෙලා …. මේ කියන්න හදන්නේ ඒ ගැන අලුත් ආරංචියක් ගැනයි….

චීනයේ සීඝ්‍රයෙන් ව්‍යාප්තව වන එච්.එම්.පී.වී වෛරසය වසංගතයක් මෙන් ලොව පුරා පැතිර යාමේ තර්ජනයක් එල්ල නොවන බවත්, එය මෙරටට පැමිණියහොත් අවශ්‍ය කටයුතු සිදුකිරීම සදහා සෞඛ්‍ය අංශ සූදානම්ව සිටින බවත් වෛරස් විද්‍යාව පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසනවා.

එච්.එම්.පී.වී වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු පළමු වරට ඉන්දියාවෙන් හදුනාගෙන තිබෙනවා.

බැංගලෝර් නගරයේ රෝහලකින් මෙලෙස හමුවී ඇත්තේ මාස 03 ක් සහ මාස 08ක් වයසැති බිළිදුන් දෙදෙනෙක්.

කෙසේ වෙතත්, මෙම වෛරසය නව වෛරසයක් නොවන හෙයින් අනියත බියක් ඇතිකර ගැනීම අවශ්‍ය නොවන බවයි, විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *