BREAKING NEWS
Search

මැතිසබේ කුකුලන් ගැන කතානායකට පැමිණිල්ලක්

59

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට එහි ප්‍රධානීන්ගෙන් සිදුවන්නේ යැයි කියන හිරිහැර සම්බන්ධයෙන්  විමර්ශනයක් පවත්වන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන්  මහතා මේ සම්බන්ධයෙන් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මුජිබර් රහුමාන් මහතා  මෙසේද පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු  හැටියට මම මේ කාරණය ගැන ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. මේ පාර්ලිමේන්තුවේ වැඩ කරන සේවිකාවන්ට වෙන ලිංගික හිරිහැර පිළිබඳව පසුගිය සති කිහිපයේ  ජන මාධ්‍ය වල පළ වුණා. මම හිතනවා මේ සම්බන්ධයෙන් ප්‍රධාන ලේකම්වරිය යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. සමහර අය වැඩ තහනම් කරලා තියෙනවා. සමහර අය විශ්‍රාම ගන්වලා තියෙනවා.

ඒ වගේම ගරු කතානායකතුමනි,  විශේෂයෙන්ම තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාන්තාවන්ට නිතර නිතර විවිධ හිරිහැර කරන්න එතන ඉන්න බලධාරීන් කටයුතු කරනවා  කියන පැමිණිල්ල වාර්තා වෙලා තියෙනවා. මම හිතන්නේ මේ පිළිබඳව පැමිණිලි  රාශියක් ලැබිලා තියෙනවා.මේ ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. වහාම මේ ගැන ක්‍රියාමාර්ග ගන්න. පාර්ලිමේන්තුවේ කාට හරි ලිංගික අතවර අඩන්තේට්ටම්  සිද්ධ වෙනවා නම් අපිටත් ඒක බලපානවා. මේ පිළිබඳව පරීක්ෂා කරලා වහාම ක්‍රියාමාර්ගයක් ගන්න

කතානායක ජගත් වික්‍රමරත්න මහතා

මේ සම්බන්ධයෙන් තවමත් අපිට කවුරුත් දැනුම් දීමක් කරල නෑ. අපි ඒ ගැන පරීක්ෂණයක් කරන්නම්.

මුජිබර් රහුමාන් මහතා;

මාධ්‍ය වල තොරතුරු වාර්තා වෙලා තියෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *