උතුරු මැද පළාතේ සියලුම රජයේ පාසල්වල 11 වන ශ්‍රේණියේ විභාග කටයුතු යළි දැනුම් දෙනතුරු අවලංගු කර තිබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් පවසනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ 2024 අවසාන වාර විභාගයේ 11 ශ්‍රේණිය සඳහා පැවැත්වීම උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් තුමාගේ උපදෙස් පරිදි නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටු වීමට කටයුතු කරන බවයි.
එසේ නමුත් 6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා විභාගය නියමිත පරිදි පැවැත්වෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
උතුරු මැද පළාතේ 11 වැනි ශ්‍රේණියේ අවසන් වාර විභභාගයේ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවයි උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමැවන් ධර්මසේන පවසා සිටියේ.
ඔහු පවසන්නේ, ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සමාජ මාධ්‍ය හරහා මෙම ප්‍රශ්න පත්‍රය පිටවූ බවට වාර්තා වීම නිසා අද දින පැවැත්වීමට තිබුණු විභාගය නැවැත්වූ බවයි.

















