රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයකට අනුව දියත් කර ඇති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ශ්‍රී ලංකා පොලිසියේ මෙහෙයවීමෙන් සිදුකරන විශේෂ රථ වාහන පරීක්ෂා කිරීම අදත් ක්‍රියාත්මක වුණා.
මෙම වැඩසටහන යටතේ මගී බස් රථ පරීක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් නිලධාරින් රාජකාරියේ යොදවා ඇති අතර රථ වාහන වැරදි පිළිබඳ රියැදුරන් දැනුවත් කිරීම හා නීතිය ක්‍රියාත්මක කිරීම සිදු වනවා.
මේ අතර, පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් බුද්ධි අංශ නිලධාරින් එක්ව අද පරණ පාලම අසල රථ වාහන පරීක්ෂා කිරීමක් සිදුකර තිබුණා.
මෙහිදී පානදුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේදී එම නිළධාරින් දෙදෙනෙකු බස් රථයේ රියදුරු සිදු කරනු ලැබූ වැරදි පැහැදිලි කිරීමෙන් පසු පානදුර උතුර රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් එම රියදුරාට දඩ පත්‍රිකාවක් ලබාදී තිබුණා.
ඊට විරෝධය පළ කළ රියදුරු බස් රථයේ සිටි සියලු මගීන් බස්සවා බස් රථය නැවත හරවාගෙන එම ස්ථානයෙන් පිටව ගිය බවයි අප වාර්තාකරු සදහන් කළේ.




















