මල් සොරෙක් ගැන ඇසෙන අමුතු කතාව

37

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

රාත්‍රී කාලයේ මල් වෙළඳසැලකට ඇතුළු වී රුපියල් හැත්තෑ දහසකට  වැඩි වටිනාකමකින් යුතු විවිධ වර්ගයේ මල් 2700ක් සොරකම්  කල පුද්ගලයෙකු ඊයේ (5දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර දේවානම්පියතිස්සපුර දෙවන පියවරේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

මල් කඩයක් පවත්වා ගෙන යන තලාව කුරුඳු වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදුකර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පැමිණිලිකරු විසින් විකිණීමට සූදානම් කර තිබූ රුපියල් 77400ක් වටිනා  මානෙල් මල් 1000ක්, නෙළුම් මල් 900ක් සහ ඕළු මල් 800ක් , සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *