චීනයෙන් වාර්තා වූ HMPV වෛරසය (Human metapneumovirus) ආසාදිතයන් දෙදෙනෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙනවා.
ඉන්දියාවේ බැංගලෝර් ප්‍රාන්තයේ රෝගීන් දෙදෙනෙකු තුළින් මෙම වෛරසය හඳුනාගැනීමෙන් පසුව, දිල්ලි රජය මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙනවා.
ඉන්දියාවේ ප්‍රථම HMPV ධනාත්මක රෝගියා ලෙස වාර්තා වී තිබුණේ, බැංගලෝර් හි මාස අටක් වයසැති ළදරුවෙක් අරඹයා කළ පරීක්ෂාවකින්.
තවත් මාස තුනක දරුවෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව සදහන්.
පෙනහලු සහ ශ්වසන මාර්ගයට බලපාන මෙම වෛරස තත්ත්වය කුඩා දරුවන්ට වැඩිහිටියන්ට සහ ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින්ට බලපාන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
කෙසේවෙතත් ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම වෛරස තත්ත්වය එතරම් බරපතළ නොවනු ඇති බවයි.


















