BREAKING NEWS
Search

එක්වරම වෙනස් වූ රත්තරන් මිල. නව මිල ගණන් මෙන්න

39

අද දිනයේ වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 777,541 ක් ලෙස සටහන් වෙනවා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,430 ක් ලෙස සඳහන්ව ඇති අතර කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,150 ක් සහ රුපියල් 24,010 ක් ලෙසයි සඳහන් වන්නේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 219,450 ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 201,200 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 192,050 ක් ලෙසත් සඳහන්.
වෙනත් පුවත්

ක්‍රීඩා – තරුණ කටයුතු සංවර්ධනයට ඉන්දීය සහය

ඉන්දියා මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha ) සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්වරුන් අතර හමුවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද පැවැත්විණි.

ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් කොන්දේසි විරහිතව සහයෝගය ලබා දෙන බවත්,  ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්‍රීඩා කටයුතු දියුණු කිරීම උදෙසා සමස්ත රට පුරාම ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් සහයෝගය ලබාදෙන බවත්, ඉන්දීය මහකොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කළේය.

තරුණ කටයුතු ක්ෂේත්‍රයේ දෙරට අතර සම්බන්ධතා ඉදිරියේ දී තහවුරු කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා මෙරට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට ඉන්දියානු තරුණ කටයුතු අංශයට පැමිණෙන ලෙස ආරාධනා කරන බව මහකොමසාරිස්වරයා වැඩිදුරටත් කීය.

මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ද මහත්වරු ද සහභාගී වූහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *