BREAKING NEWS
Search

පාලන මිලට හාල් ගන්න ජනතාව පෝලිමේ

39

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අම්බලන්තොට වෙළඳ සංගමයේ මෙහෙයවීමෙන් අම්බලන්තොට නගරයේ දී රතු කැකුළු හාල් රජයේ පාලන මිලට ජනතාවට ලබාදීම අද සිදුවිය.

එක් පුද්ගලයකුට හාල් කිලෝ පහක් බැගින් රජයේ පාලන මිල වන කිලෝවක් රුපියල් 220 බැගින් ලබාදීම මෙහිදි සිදුවිය.

හාල් මිලදි ගැනිමට උදෑසන කාලයේ සිටම ජනතාව පෝලිම්වලට එක් වි සිටියහ. සීමිත හාල් ප්‍රමාණයක් ලබාදිම නිසා බොහෝ දෙනකු පෝලීම්වල සිටිය ද හාල් අවසන් වීමෙන් හිස් අතින් යන්නටද සිදු විය.

අම්බලන්තොට නගරය හා ඒ අවට ප්‍රදේශවල රතු කැකුළු හාල් හිඟයක් පවතින අතර ඇතැම් වෙළඳ සල්වල රතු කැකුළු හාල් කිලෝවක් රුපියල් 265 කට තරම් ඉහළ මිළ ගණන් යටතේ අලෙවි කරන බවද පාරිභෝගිකයෝ චෝදනා කරති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *