BREAKING NEWS
Search

තවත් විභාගයක පේපර් කලින් පිට වෙලා

42

උතුරු මැද පළාතේ පාසල් වල 2024 වසරේ අවසන් වාර පරික්ෂණය සදහා අද (06)  දින පැවැත්වීමට නියමිතව තිබූ 11 වන ශ්‍රෙණියේ සිංහල සාහිත්‍ය රසාස්වාදය ප්‍රශ්න පත්‍රය  විභාගය පැවැත්විමට පෙර පිටවී තිබීම හේතුවෙන් එම විභාගය පැවැත්විම අත්හිටුවිමට පියවර ගත්බව ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා අද (06)දින පැවසිය.‍ෙ

උතුරු මැද පළාතේ පාසල්වල 11 ශ්‍රේණියේ සිසුන් විසි දෙදහසක් මෙම විභාගයට පෙනි සිටිමට නියමිතව සිටි අතර මේ සදහා උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් රුපියල් 1,50,000.00ක පිරිවැයක් දරා  ප්‍රශ්න පත්‍ර විසිදෙදහසක්  මුද්‍රණය කර තිබුණි.

එහෙත් මෙම ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර අනුරාධපුර හා පොළොන්නරැව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදිම උපකාරක පංති පවත්වන ගුරැවරැන් විසින් තමන්ගේ උපකාරක පංති සදහා සහභාගිවන සිසුන්ලවා මෙම ප්‍රශ්න පත්‍රයට පිළිතුරැ සපයා ඇති බවට පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට ලද තොරතුරු මත විභාගය අත්හිටුවිමට මෙසේ පියවර ගෙන තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *