BREAKING NEWS
Search

ප්‍රතිලාභයක් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් පිරිසක් කරන්න යන දේ

37

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන “අස්වැසුම“ ඇතුළු ඝෘජු හා වක්‍ර සියලු රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට අදාළව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය විසින් ගන්නා ලද වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට එම සංගමය විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට සහ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම්දී ඇතැයි වාර්තා වනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් සුදක්ෂි තිලකරත්නගේ අත්සනින් යවන ලද මෙම ලිපියේ සඳහන් කර ඇත්තේ, ග්‍රාම නිලධාරීන්ට අස්වැසුම වැඩසටහන සඳහා සම්බන්ධවීමට පවතින ගැටලුවලට විසඳුම් ලබා නොදීමෙන් පැහැදිලි වන්නේ මෙම වැඩසටහනට ග්‍රාම නිලධාරීන් අවශ්‍ය නොවන බවයි.

අස්වැසුම දෙවන අදියරේ සමීක්ෂණ කටයුතු ආසන්න වීමත් සමග ග්‍රාම නිලධාරීන්ට එම වැඩසටහනට සම්බන්ධ වන ලෙසට බලපෑම් එල්ල කරමින් පවතින බව, මේ සම්බන්ධයෙන් එම සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා පවසා සිටියා.

අස්වැසුම වැඩසටහනට සම්බන්ධ නොවී සිටින ග්‍රාම නිලධාරීන්ට බලපෑම් නොකරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බව ද ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් කියා සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *