BREAKING NEWS
Search

මේ ඇසෙන දේවල් සත්‍යක්ද..? පැතිරයන කතාවලට ඇය උත්තර දෙයි..

44
අපි ආදරය කරන ඇතැම් තරුවල ආදර අන්දරය හිතන තරම් සුන්දර නැහැ.. ඒ නිසා ඔවුන්ගේ දරුවන්ට සමහර විට අද වෙනකොට වෙනස් විදිහට ජීවිතේ ගෙවන්න හුරු වෙනවා..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක සිද්ධියක් ගැන කතාවක්..

කමල් හසාන්ගේ සහ සාරිකාගේ විවාහය දෙදරා යාම නිසා ජීවිත කාලයම තනි කඩව ඉන්න තීරණය කළ ශ්‍රැති හසාන් ගැනයි මේ කියන්න යන්නේ..
කමල් සහ සාරිකාගේ දියණිය ශ්‍රැති මේ වන විට වසර 38ක් වුණ තරුණියක්.. අම්මා තාත්තා නිසා ඇය උපතින්ම තරුවක්.. දුටුවන් වසඟ වෙන රූපයක්.. උරුමයෙන් ලැබුනු ධනය, දේපළ වත්කම් සියලු දේවලින් පරිපූර්ණ නිසාම අඩුපාඩුවකට තියෙන්නෙ විවාහය විතරයි කියල මිනිස්සු හිතනවා.. ඇය විවාහ නොවීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදුවී තිබෙනවාද..? මේ ඇසෙන කතාව අන්න ඒ ගැනයි..

මුළු ජීවිතකාලෙම තනිකඩව ජීවත් වෙන්න තීරණය කරපු මනුස්සයෙක්ගෙන් ඊට වඩා අහන්න නරක තවත් ප්‍රශ්නයක් නෑ.. ඒත් ශ්‍රැතිට කොච්චර නරක වුණත් ඒ ප්‍රශ්නයෙන් ගැලවීමක් නම් නැහැ…

ඉන්දියානු සිනමාවේ සුපිරි වීරයකු වන කමල් හසාන් සහ සාරිකාගේ සුන්දර දියණිය වන ශ්‍රැතිට විවාහ නොවෙන්න හේතුවක් නැතුව ඇති කියලයි මිනිස්සු හිතන්නේ..

ඒත් අපි නොහිතන තව කොයි තරම් දේවල් තියෙන්න පුළුවන් ද ජීවිතේ… ශ්‍රැතිගෙ අම්මයි තාත්තයි ඇයට තේරෙන වයසෙ දි වෙන් වෙනවා.. ඒ වේදනාකාරී දික්කසාදයෙන් පසු ජීවිතය වෙනස් වූ ආකාරය ඇය මෑතකදි අනාවරණය කළා..

“බලන්න, මම ඉපදුණේ ඉතා ලස්සන පවුලක. කලාත්මක, බුද්ධිමත් දෙමාපියන්, සහ දෙවියන්ගේ කරුණාවෙන්, බොහෝ සැනසිලි එක්ක. හැබැයි මම ඒකෙ අනිත් පැත්තත් දැක්කා. මගේ දෙමාපියන් වෙන් වූ විට සියල්ල වෙනස් වුණා. මූල්‍ය ස්වාධීනත්වයේ සහ පෞරුෂයේ වටිනාකම මට වැටහුණේ එවිටයි. විශේෂයෙන්ම දියණියක් ලෙස විවාහයෙන් ඉවත් වූ අම්මා දිහා බලද්දි, කාන්තාවක් ස්වාධීනව සිටීම වැදගත් වන්නේ ඇයිද යන්න පිළිබඳ වැදගත් පාඩමක් මට කියා දුන්නා..”

ඒ වගේම විවාහයට කොයි තරම් අකමැති වුණත් ආදරය කරන්නත් ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගන්නත් ඇය කැමති බවයි ඇය පැවසුවේ…

“ඔව්, මම සබඳතාවලට කැමතියි, මම ආදරයට කැමතියි, නමුත් මම යමෙකු සමඟ විවාහය වැනි ගැඹුරු සබඳතාවට මං බයයි. ඒත් මම දන්නෙ නෑ විශේෂ කෙනෙක් එයි ද කියලා. ඒත් මට පේන්නෙ නැහැ.”
එය ඇගේ අතීත අත්දැකීම් නිසා ගනු ලැබූ තීරණයක් ද? යන ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ එය මගේම හේතුවක් පමණයි කියායි… මගේ මිතුරන්ගේ සුන්දර සාර්ථක අපූරු විවාහයන් මම දැකල තියෙනවා… ඉතින් මේක මගේම ගැටලුවක් පමණයි කියා ඇය පිළිතුරු දී තිබුණා..

ඇයට ප්‍රසිද්ධ ප්‍රේම සම්බන්ධතා කිහිපයක්ම තිබුණා… ඒ අතර 2020 අවුරුද්දේ විෂුවල් නිර්මාණකරුවෙක් වූ සන්තානු හසරිකා (Santanu Hazarika) සමඟ පැවති සබඳතාවට ඇය මෑතකදි තිත තැබුවා..
ශ්‍රැති මීට පෙර ඉතාලි සම්භවයක් ඇති ලන්ඩනයේ වෙසෙන නළු මයිකල් කෝර්සාලේ (Michael Corsale) සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූ අතර 2019 දී ඔහුගෙන් ද වෙන් වුණා..
එමෙන්ම නළු ධනුෂ් සමඟ ඇයට ඇති සම්බන්ධයක් ගැනත් විටින් විට කතා පැතිරුණු නමුත් එම කතා ප්‍රතික්ෂේප කළ ශ්‍රැති, ධනුෂ් ඇගේ වැදගත් මිතුරු කවයේ සාමාජිකයෙක් පමණක්ම බව පැවසුවා..

සමාජමාධ්‍ය ඇසුරෙන්.. 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *