BREAKING NEWS
Search

දහතුන් හැවිරිදි සිසුවියක බියගන්වා සෙබළෙකු කල ජරා වැඩේ

38

දහතුන් හැවිරිදි පාසල් සිසුවියක බියගන්වා ජංගම දුරකථනයෙන් අසභ්‍ය කෙටි පණිවිඩ සහ වීඩියෝ දර්ශන යවා ඇති බව කියන යුද හමුදා සෙබළෙකු අද(5) අත්අඩංගුවට ගත් බව ශ්‍රී පුර පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තන්ති මලේ යුද හමුදා කඳවුරට අනුයුක්ත පදවි පරාක්‍රමපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සෙබළෙකි.

ශ්‍රීපුර පොලිසියට අද(5) ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙනඇත.අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ශ්‍රී පුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

වෙනත් පුවත්

පර්පෙචුවල් තහනම තව මාස හයක් දික් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව පර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ කටයුතු තවත් මාස හයකට අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු අද පස්වරුවේ සිට එම මාස හයේ තහනම පැන වූ බවද එම සමාගම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරන හෙයින් එම තහනම දීර්ඝ කළ බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

බැඳුම්කර වංචාවක් සම්බන්ධයෙන් සමාගමට චෝදනා එල්ල වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුව වසර කීපයක සිටම එම සමාගමේ තහනම මාස හයෙන් හයට දීර්ග කරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *