අවසානයේ මුහුණු පොතෙන් හඳුනා ගත් අනියම් සැමියා වශයෙන් තබා ගත් පුද්ගලයෙකුට සිය ගැබිනි බිරිඳ භාරදෙන්න ඔහු තීරණය කරන්නේ අන්න ඒ අනුවයි..
මේ ඒ පිළිබඳව කුරුණෑගල තණමල්ගම ප්‍රදේශයෙන් වාර්තා වූ කතාවයි..
35 හැවිරිදි මෙම බිරිඳ ,මුහුණ පොතේ සිටි පුද්ගලයෙකු සමඟ අනියම් සම්බන්ධතාවයක් ගොඩ නඟා ගෙන තිබෙනවා..
පසුව එම අනියම් සැමියාද නිවසට ගෙන්වා ගෙන මෙම කාන්තාව නීත්‍යානුකූල සැමියා සහ අනියම් සැමියා සමඟ කලක් සුහදව සිට ඇති බවයි වාර්තා වෙන්නේ..
කාලය ගතවෙමින් යද්දී , ඇය ගැබිනියක් වෙලා.. බිරිඳ ගැබ් ගැනීමෙන් පසුව අනියම් සැමියා සමඟ එක්වී තමාට නිවසින් යන ලෙස පවසා බිරිඳ විසින් නිතර රණ්ඩු සරුවල් කළ බවයි පැමිණිලිකාර සැමියා පොලීසිය හමුවේ පවසා සිටියා..
ඉන් අනතුරුව නීත්‍යානුකූල සැමියා විසින් සිය බිරිඳ අනියම් සැමියා වෙත භාර දුන් අතර සිය 10 හැවිරිදි දරුවාද බිරිඳ විසින් ඉල්ලා සිටි අතර නීත්‍යානුකූල සැමියා සිය දරුවාද ලබා දුන් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ…


















