BREAKING NEWS
Search

සිහිනයක් වෙනුවෙන් හිතාගන්නවත් බැරි දෙයක් කල උපාධිදාරී තරුණිය

47

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඇය තවමත් 20 හැවිරිදි තරුණියක්.. මේ වගේ දෙයක් ඇය කරන්න ඇත්තේ මොකක් නිසාද..?
ඇය තවත් ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත් ජාවාරම්කරුවකු ගේ මෙරට මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරතව සිටි 20 හැවිරිදි උපාධිධාරී තරුණියක් අයිස් මත්ද්‍රව්‍ය සමගින් අත් අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසය පවසනවා..

මෙම සැකකාරියට පෞද්ගලික විශ්ව විද්‍යාල දෙකකින් ලබා ගත් උපාධි දෙකක් ද හිමි වන බවත් විදෙස් ගත වීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙලෙස මත් ද්‍රව්‍ය අලෙවියේ නිරතව ඇති බවට අනාවරණය වූ බවද පොලිසය පවසනවා..

තරුණියක් විසින් හංවැල්ල නගරයේ අයිස් මත්දුව්‍ය බෙදා හරිමින් සිටින බවට පෞද්ගලික ඔත්තුකරුවකුගේ මාර්ගයෙන් හංවැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලද තොරතුරක් මත නිළධාරීන් කණ්ඩායමක් ගොස් සැකකාරිය අත් අඩංගුවට ගෙන ඇති අතර, ඩුබායි රාජ්‍යයේ සිටින අපරාධකරුගේ මත්දුව්‍ය ජාලය මොහයවන හංවැල්ල ප්‍රදේශයේ බාර පුද්ගලයා සමග ඇයගේ ඥාතියකු සමීප සම්බන්ධතාවයක් පවත්වන බැවින් එම සම්බන්ධතාවය මත මෙම සැකකාරිය අයිස් මත් ද්‍රව්‍ය ලබා ගෙන අලෙවියේ නිරතව ඇති බවත් සැකකාරිය ඉගෙනුම ලැබූ විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සදහා ද මෙලෙස මත් ද්‍රව්‍ය විකුණා ඇති බවයි වැඩි දුරටත් පරීක්ෂණවලින් වාර්තා වෙන්නේ..

මෙලෙස අත් අඩංගුවට ගත් ඇය හංවැල්ල නගරය ආසන්නයේම පදිංචිකාරියක්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *