තේ කර්මාන්තයේ නියැලෙන වතු කම්කරුවන්ට අව්වෙන් වැස්සෙන් පීඩාවට පත් නොවි පහසුවෙන් තේ දළු නෙලිමට මෙම කුඩය හඳුන්වා දුන් බවයි එම වතුයායේ වතු අධිකාරි නදීර ගුණසේකර පවසන්නේ.
වතුයායේ තාක්ෂණ නිලධාරින් සමග එක්ව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම කුඩය නිර්මාණය කළ බවද වතු අධිකාරිවරයා පවසනවා.
දැනටමත් වතු සමාගම විසින් තේ දළු නෙලන වතු කම්කරුවන්ට සැහැල්ලු බටවලින් සකස් කරන ලද තේ කුඩයක් ලබා දී ඇති අතර, එයට සමගාමිව මෙම කුඩය හඳුන්වා දුන් බවයි වතු අධිකාරිවරයා කියා සිටියේ.
කුඩයට බඳ පටි සකස් කර ඇති අතර, එම කුඩය පැළඳ පහසුවෙන්ම තේ වත්තේ තේ දළු නෙලිමට පහසු බවයි සේවක්‍යින් පවසන්නේ.
එක කුඩයකට රුපියල් 1600ක පිරිවැයක් යොදා ඇති නමුත් මෙම කුඩ එහි සේවකයින්ට නොමිලේ ලබා දී තිබෙන බවයි පැවසෙන්නේ.
ඒ අනූව තේ දළු නෙලිමේ කටයුතු සාර්ථකව සිදු කිරිමට හැකි බවයි වතු අධිකාරිවරයා කියා සිටියේ.
වතු කම්කරුවන්ට හඳුන්වා දුන් නව කුඩය සඳහා පේටන් බලපත්‍රයක් ලබාගැනිමට කටයුතු කරන බවයි එම වතුයායේ වතු අධිකාරි නදීර ගුණසේකර පවසන්නේ.