BREAKING NEWS
Search

එරට රෝහල්වල යළිත් තදබදයක්.. මේ වෛරසය කොතනින් නවතිවිද…?

42
ඒ බියෙන් නැවතත් සියල්ලන්ම ඇවිලී ගිහින්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචියක් ගැන කතාවක්…
යළි මේ රෝගය ලොව පුරා පැතිරේවිද..? ඒ ගැන සියලු දෙනාටම ඇත්තේ බියක්.. ඒ වුණත් මේ දවස්වල පවතින කාලගුණික තත්වත් එක්ක ඒ කතාව නම් හරිම සාමාන්‍ය දෙයක් ලෙස බොහෝ දෙනා පැවසුවත්, මේ අද්භූත අලුත් වෛරසය චීනය පුරා බියකරු ලෙස පැතිර ගිහින්.. එරට රෝහල්වල යළිත් තදබදයක් ඇති තත්වයක් නිර්මාණය වෙලා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ..

එරටේ ප්‍රදේශ කිහිපයක Human metapneumovirus (HMPV) නම් වෛරසය දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවයි වාර්තා වෙනවා..
එරට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝපටවල රෝහල් බියජනක ලෙස රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති ආකාරය දැක ගත හැකි අතරම, එම දර්ශන බෙහෙවින්ම සමාන වන්නේ කොවිඩ්-19 වෛරසය ආරම්භ වු මුල්වකවානුවටයි..

එරට ආදාහනාගාර යළි සක්‍රීය වේවිද..? ඒත් තවම ඒ ගැන තහවුරු කර නොමැති නමුත් චීනය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවට ප්‍රකාශ පවා තිබෙනවා..

චීන සමාජ මාධ්‍ය පරිශීලකයන් වාර්තා කරන ආකාරයට මෙම තත්ත්වය ආරම්භ වී ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා A, HMPV, Mycoplasma pneumoniae සහ කොවිඩ්-19 යන බහුවිධ වෛරස ගණනාවක් එකවර සංසරණය වීමෙන්..

HMPV හි ඉහළ යාම, විශේෂයෙන්ම වයස අවුරුදු 40 සිට 80 දක්වා පුද්ගලයින් අතර මරණ වැඩිවීමට හේතු වී තිබෙනවා.. විශේෂයෙන් ළමා රෝහල්වල නියුමෝනියාව සහ ‘සුදු පෙනහළු’ රෝගයෙන් පීඩාවට පත් වී ඇති බව සමාජ මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා… විශේෂයෙන් කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට මෙමඟින් දැඩි බලපෑමක් ඇති විය හැකියි…

කැස්ස, උණ, නාසය හිරවීම හා හුස්ම ගැනීමේ අපහසුතා මෙම රෝගයේ ලක්ෂණ ලෙස හැඳින්වෙනවා..
සම්ප්‍රේෂණය සිදුවන්නේ ශ්වසන ජල බිඳිති සහ රෝගකාරක පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමෙන් වන අතර, රෝගයෙන් වැළැක්වීම සඳහා මුහුණු ආවරණ පැළඳීම, නිතර අත් සේදීම සහ ප්‍රතිශක්තිය වැඩි කර ගැනීමට කටයුතු කළ යුතුයි..

වයස අවුරුදු 14 සහ ඊට අඩු අය අතර HMPV ධනාත්මක රෝගීන්ගේ වැඩිවීමක් පවතින බව චීනයේ රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වන මධ්‍යස්ථානය Chinese Center for Disease Control and Prevention (CDC) තහවුරු කර තිබෙනවා.. කෙසේ වෙතත් චීන බලධාරීන් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වසංගතයක් හෝ හදිසි තත්වයක් මෙතෙක් තහවුරු කර නැහැ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *