අනතුරින් බරපතල තුවාල ලැබූ මගී කාන්තාව ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 62 ක් වූ නින්දගම්පැලැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක්.
අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු හා කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම ආඩිගම කිරියන් කල්ලිය මාර්ගයේ කට්ටුව ප්‍රදේශයේදී ආඩිගම දෙස සිට කිරියන් කල්ලිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අයිනේ ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු හා පදික පුද්ගලයා ආනමඩුව රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී පදික පුද්ගලයා මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 51 ක් වූ කට්ටුව, ආඩිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අතර පොතුහැර පොලිස් වසමේ දම්බොක්ක රඹුක්කන මාර්ගයේ තෝරවතුර ප්‍රදේශයේදී ද ඊයේ (04) දිනයේ මාරක අනතුරක් සිදුව තිබෙනවා.
දම්බොක්ක දෙස සිට රඹුක්කන දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව යතුරු පැදිය මාර්ගයේ පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු හා පසුපැදිකරු කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු මියගොස් තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24ක් වූ රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොතුහැර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
කටුවන පොලිස් වසමේ කටුවන ඌරු බොක්ක මාර්ගයේ රුක්මල් පිටිය ප්‍රදේශයේදී බෙංගමුකන්ද දෙස සිට කටුවන දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් එහි පැමිණි මගින් බස් නැවතුමේ බස්සවා බස් රථය ධාවනය කරන අවස්ථාවේ මගියෙකු බස් රථයට ඉදිරියෙන් මාර්ගය හරහා මාරුවීමට යාමේදී එම බස් රථයට යටවීමෙන් ද මාරක අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ මගී පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 67 ක් වූ බෙංගමුකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එමෙන්ම නිට්ටඹුව පොලිස් වසමේ සපුගස් තැන්න හංදියේදී වේයන්ගොඩ දෙස සිට හුඹුටියාව දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරලී යාමෙන්ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.
මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 34 ක් වූ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ඥාතීන් වෙත භාරදී ඇති අතර නිට්ටඹුව පොලිසිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.




















