BREAKING NEWS
Search

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වීම ගැන දැනුම්දීමක්

47

ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම දැනුම්දෙයි.

මේ අනුව 2025 ජනවාරි මාසයට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වෙයි.

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) පහතින් දැක්වෙයි.

12.5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ද 5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ද 2.3Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ද වෙයි.

වෙනත් පුවත්

නැතිව වූ වාලම්පුරිය පන්සලේ ළිඳෙන් මතුවෙයි

වසර එකහමාරකට පමණ පෙර දොඩංගොඩ ඇළදූව ප්‍රදේශයේ විහාරස්ථානයකින් සොරකම් කරන ලද වාලම්පුරියක් එම විහාරස්ථානයේම ළිඳක තිබී හමු වී ඇත.

ඉතා වටිනාකමකින් යුතු මෙම වාලම්පුරිය සොරකම් කර ඇති බවට මීට වසර එකමහාරකට පමණ පෙර කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ලැබී තිබේ.

ඒ සම්බන්ධයෙන් කාලයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයේදී එම වාලම්පුරිය සොරකම් කරන ලද පුද්ගලයා පිළිබඳව තොරතුරක් සොයාගැනීමට පොලීසියට හැකිව ඇත.

ඔහු පිළිබඳව අධීක්ෂණයෙන් සිටි පොලිස් නිලධාරින් ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.

එම පුද්ගලයා පදිංචි නිවස අවස්ථා කිහිපයකදීම පොලිස් නිලධාරීන් පරීක්ෂා කළද වාලම්පුරිය සොයා ගැනීමට නොහැකි විය.

ඒ අතරවාරයේ ඊයේ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද දුරකථන ඇමතුමකට අනුව අනාවරණය වී ඇත්තේ වාලම්පූරියක් අදාළ විහාරස්ථානයේම ළිං පතුල තුළ දක්නට ලැබෙන බවයි.

ඒ අනුව එම වාලම්පුරිය ගොඩගෙන ඇති අතර, විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ විසින් එය තම විහාරස්ථානයෙන් දැනට වසර එකහමාරකට පමණ පෙර සොරකම් කරන ලද වාලම්පුරිය බවට හඳුනාගෙන ඇත.

කෙසේ නමුත් මෙම වාලම්පුරියේ පිටත අලංකරණය සඳහා මැණික් ගල් ඔබ්බවා තිබී ඇති වුත්, මේ වනවිට එය සොරකම් කළ පුද්ගලයා විසින් එම මැණික් ගල් ගලවාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

සැකකරු මේ වනවිට පොලීසිය විසින් හඳුනාගෙන ඇති අතර, ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් තිබේ.

ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *