BREAKING NEWS
Search

නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකයි. වැඩබලන පොලිස්පති දුන්න නියෝගය මෙන්න

47

සෑම පොලිස් වසමක්ම ආවරණය කරමින් ඊයේ (02) දින සිට නැවත දැනුම්දෙන තුරු විශේෂ රථවාහන මෙහෙයුම් අරඹා තිබෙනවා.

ඒ මහමග ජීවිත සුරක්ෂිත කරමින් රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමේ අරමුණින් වේ.

ඒ අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලුම පොලිස් ස්ථාන වෙත එය දැනුම් දී තිබෙනවා.

මෙය, නව රජයේ ප්‍රතිපත්තියක් අනුව ක්‍රියාත්මක වන ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදෙසා ක්‍රියාත්මක වන ‘Clean SriLanka’ව්‍යාපෘතියට සමගාමීව සිදු වේ.

ඒ අනුව එහි සදහන් වන්නේ විවිධ නාද රටා, නිවි නිවි දැල්වෙන සවිරාම වූ විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය, නීති විරෝධී සවිකිරීම, ඝෝෂාකාරී නළා සවි කිරීම්, අධික ශබ්ද සහිත සයිලන්සර්, අනතුරු, අලාභ ඉහළ යන ආකාරයෙන් අන්ත්‍රාදායක ලෙස අමතර කොටස් සවිකර ඇති රථවාහන සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව වේ.

ඒ අනුව සෑම පොලිස් බල ප්‍රදේශයකම දිනකට පැය 03 බැගින් මෙහෙයුම් 02 ක් සිදුකළ යුතු යැයි සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ පොදු ප්‍රවාහන සේවා රථ පරීක්ෂා කිරීමේ දී මගීන් අපහසුතාවට පත් නොවන ආකාරයෙන් කටයුතු කරන මෙන් ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *