රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
2025 නව වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
මෙම උල්කාපාත වර්ෂාව පසුගිය දෙසැම්බර් 28 වැනිදා සිට ජනවාරි මස 12 වැනිදා දක්වා අතර කාලයේදී සක්‍රීයව පවතින බව ද සඳහන් වන අතර, එය උපරිම අවස්ථාවට පත්වන්නේ අද (03) රාත්‍රීයේදීයි.
එසේම මෙම උල්කාපාත වර්ෂාව දැකගත හැකි වන්නේ ‘ බූට්ස් ‘ තාරුකා රාශීය ආශ්‍රිතවයි.
එය අළුයම 5.00ට පමණ නැරඹිය හැකි අතර, එම කාලය මෙම උල්කාපාත වර්ෂාව නැරඹීම සඳහා සුදුසුම අවස්ථාව වන බවද අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර සඳහන් කළා.
එසේම, මෙය පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි අතර, ඒ සඳහා කිසිඳු උපකරණයක් අවශ්‍ය නොවනු ඇති.

















