BREAKING NEWS
Search

ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

40

මේ මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළැඹෙන සඳුදා දිනයේ දී ප්‍රකාශයට පත්කරන බව එම සමාගම දැනුම්දෙයි.

බොහෝවිට මෙම මාසය සඳහා ගෑස් මිල නොවෙනස්ව පැවතිය හැකි බව ද එම සමාගම සඳහන් කළේය.

මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව ද ඔවුන් වැඩිදුරටත් පැවසීය.

වෙනත් පුවත්

මැණිකක් හොයන්න නිවෙසෙ කැණීම් කරලා

අනුරාධපුර,මිහිදුපුර ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ නිදන් ලබා ගැනීමේ අරමුණින් දින කිහිපයක් තිස්සේ කැණිම් කරමින් සිටි නිවෙස් හිමිකාර කාන්තාවක් ඇතුළු සිවුදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිහිදුපුර පදිංචි 61 හැවිරිදි කාන්තාවක් සහ කුරුණෑගල, කිරිමැටියාව, පදවිය යන ප්‍රදේශවල පදිංචි වයස 26 ත් 35ත් අතර වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකි.

තමන් පදිංචි නිවසේ පොළොව යට වටිනා මැණිකක් තිබෙන බවට මෙම නිවස හිමි කාන්තාවට කට්ටඩියෙකු පැවසීම හේතුවෙන් නිවෙස් හිමි කන්තාව විසින් අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයන් තිදෙනා සමඟ දින කිහිපයක් තිස්සේ නිවසේ මුළුතැන්ගෙයි සිට බිත්තිය යට දක්වා  විශාල මුදලක් වැය කරමින් මැණික ලබාගැනීම සඳහා කැණිම් කොට ඇති බව පොලිසිය කියයි.

නිවසයට පිහිටි පොලොව හාරා ඉන් ලබාගත් පස් කුස්සිය තුළ ගෙඩගසා තිබූ බවද පොලිසිය පැවසීය.

මේ සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරක් මත සැකකරුවන් ඊයේ(02) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද(03)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *