BREAKING NEWS
Search

සුරූපී පොලිස් කතුන් බලන්න මහ රෑ නිදන කාමර වලට ගිය පොලිස් අනංගයාට සිදු වූ දේ

45

අලුයම් කාලයේදී පොලිස් නිලධාරිනියන් රැඳී සිටින බැරැක්කයට ඇතුළු වූ බව කියන ආධුනික පොලිස් කොස්තාපල්වරයකු නොරච්චෝලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා.

සැකකරු නොරච්චෝලේ පොලිසියට මෑතකදී සේවය සඳහා පැමිණි ආධුනික පොලිස් කොස්තාපල්වරයකු බවයි පැවසෙන්නේ.

කිසියම් අයකු නොරච්චෝලේ පොලිසියේ නිලධාරිනියන් රැඳී සිටින බැරැක්කයට ඇතුළු වී සිටින බවට ඊයේ (02) ස්ථානාධිපතිවරයාට තොරතුරක් ලැබී ඇති බවයි වාර්තා වී ඇත්තේ.

ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අදාළ බැරැක්කයට ඇතුළු වී සිටි කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් කල්පිටිය සහකාර පොලිස් අධිකාරිවරයාට ද දැනුම් දී තිබෙන බවයි පැවසෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *